වයිරස් දැන් මිනිස්සුන්ට ,සත්තුන්ට විතරක් නෙවෙයි පරිගණක වලටත් වින කටින දෙයක් වෙලා. අද පෙන් එකක් , මෙමරි චිප් එකක් ගත්තොත් වයිරස් නැති එකක් හොයාගන්නත් අමාරුයි. ඔය හැමදේකටම වගේ වයිරස් වලටත් ඉතිහාසයක් තියෙනවා.මම මේ ලිපියෙන් කියන්න යන්නේ ඒ ගැන.
ලෝකයේ මුලින්ම ලිව්වේ 1982 දි රිචඩ් ස්ක්‍රෙන්ටා කියන පාසල් සිසුවෙක්. මේක තියෙන ෆ්ලොපි ඩිස්ක් එකක් පරිගණකයට වැඩසටහන ඉබේම කොපි වේ. දැන් පරිගණකයට අලුත් ඩිස්කට් (ෆ්ලොපි ඩිස්ක් එකක්) එකක් ඇතුලත් කලද වැඩසටහන එයටද කොපි වේ. මේ ඩිස්කට් එක තවත් පරිගණකයකට දැමූ විට එයටද කොපි වේ. මෙලෙස ඩිස්ක් හරහා මෙය බෝ වේ. මෙයා මේ ලියපු වැඩසටහනට කිව්වේ එල්ක් ක්ලෝනර් (Elk Cloner) කියලා.
රිචඩ් ස්ක්‍රෙන්ටා
කොහොම වුනත් සාර්ථකව පරිගණක වයිරස් එකක් ලිව්වේ සදර්න් කැලිෆෝනියා විශ්ව ඉංජිනේරු පාසලේ සිසුවෙක් වූ ෆෙඩ්ඩ්‍රික් කොහෙන් විසින්. ඒ 1983 දී. මේ වැඩසටහනත් රිචඩ් ස්ක්‍රෙන්ටා විසින් ලියන ලද වැඩසටහන වාගේම ඉබේ කොපි වන වන වැඩසටහනකි. මෙවැනි වැඩසටහන් පරිගණක ' වයිරස් ' ලෙස මුලින්ම හඳුන්වන ලද්දේ ඔහු විසිනි. මොහුගේ විශේෂත්වය වූයේ තමා ලියන ලද වැඩසටහනේ ක්‍රියාකාරිත්වය නවතා දැමිය හැකි වැඩසටහන්ද ඒ සමගම ලිවීමයි. එනම් වයිරසයට සරිලන ඇන්ටිවයිරස් (Antivirus) වැඩසටහනද ලිවීමයි.
ෆෙඩ්ඩ්‍රික් කොහෙන්
වයිරසය සොයා පරිගණකයෙන් ඉවත් කිරීමේ ගුණාංගය ඇතිව මුලින්ම ඇන්ටිවයිරස් (Antivirus) වැඩසටහනක් ඉදිරිපත් කරන ලද්දේ 1987 දී බර්න්ඩ් ෆික්ස් විසිනි.
වයිරසය බිහිවූ මුල් කාලයේ තිබූ වයිරස කිසිඳු හානියක් නොමැති කිලෝ බයිට් කිහිපයක් ඇති ඉතා කුඩා වැඩසටහන් විය. නමුත් අද වන විට පරිගණකයේ ලිපිගොණු මකාදමමින් පරිගණක්යේ වේගය අඩාල කරන පරිගණක වයිරස වල පටන් න්‍යෂ්ටික බලාගාර වල වැඩ කඩා කප්පල් කල හැකි තරම් භයානක වයිරස නිපදවී ඇත. ඊට හොඳම උදාහරණය ඉරානයේ බෂීර් න්‍යෂ්ටික බලාගාරයේ කටයුතු කඩාකප්පල් කල ස්ටක්ස්නෙට්(W32.Stuxnet) නම් වයිරසයි. කෙසේ වුවත් වයිරස් නිසා රැකියා වෙළඳ පොලක් අද වන විට නිර්මාණය වී තිබේ. පරිගණක සඳහා ඇන්ටිවයිරස නිපදවීම ඒ වෙළඳ පොලයි.
Tags:
News