ඔඩෑසිටි මෘදුකාංගය

Recent Post



     සින්දුවක් එහෙම නැතිනම් වෙන මොකක් හරි ඕඩියෝ ට්‍රැක් එකක් කපලා කොටලා අපිට ඕනි විදිහට හදා ගන්න සොෆ්ට්වෙයා එකක් කොම්පියුටරේ තියෙන එක හොඳයි. අන්න ඒකට හොඳ සොෆ්ට්වෙයා එකක් තමයි ඔඩෑසිටි (Audacity) කියන්නේ. පැච් කිරිලි ක්‍රැක් කිරිලි ඕනිත් නෑ. මේක නොමිලේ දෙන ඕපන්සෝස් සොෆ්ට්වෙයා එකක්.
ඔඩෑසිටි කියන්නේ අද විකුණන්න තියෙන ඕඩියෝ එඩිටින් සොෆ්ට්වෙයා තරම්ම උසස් ගණයේ ඕඩියෝ එඩිටරයක්. WAV, AIFF,Ogg,FLAC, Mp3 වගේ විවිධ ෆෝර්මැට් වල ඕඩියෝ ෆයිල් මේකට ලබා ගන්න පුලුවන්. ඕඩියෝ ට්‍රැක් කිහිපයක් අරන් ඒවා මිශ්‍ර කරන්න (mixing) , හඬ රෙකෝඩ් කරන්නත් පුලුවන්. රෙකෝඩින් කරන කොට මයික් වල හඬ පාලනය වගේම ඕඩියෝ ක්ලිප් වලට යොදන්න ඉෆෙක්ට් ‍රැසක් මේ සොෆ්ට්වෙයා එකේ තියෙනවා. තව හොඳ දෙයක් තියෙනවා මේකෙ. ඒ තමයි වැඩ කරකර ඉන්න කොට හදිසියෙ වත් ක්‍රෑෂ් වුනොත් එහෙම ඒවා රිකවරි කරගන්නත් පුලුවන්.මේ කිව්වේ මේ සොෆ්ට්වේයා එකේ තියෙන ඒවායෙන් ටිකක් විතරයි. මේකෙන් වැඩකරන්න ලේසියි, ඉගෙන ගන්න අමාරුත් නැහැ.
ඇත්තෙම්ම ඔඩෑසියිටි එක අනිත් සොෆ්ට්වෙයා වලටත් වඩා හොඳයි. මම එහෙම කියන්නේ අත්දැකීමෙන්.පවර් ඩිරෙක්ටර් කියන වීඩියෝ එඩිටර් එකට ලැබෙන wav editor එකට වඩා මේක හොඳයි. මෙහෙම කිව්වට බෑනේ ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ කොහොමද කියලා....


Features

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post