ඔහුගේ නම ඇසූ පමණින් ඔහු කව්රුන්දැයි හැඳිනීමට කුඩා දරුවකු වුවද දනී. එතරම් ඔහු ලෝකය තුල ප්‍රසිද්ධියක් ලැබූ කීර්තිමත් පුද්ගලයෙකි.ස්ටීව් ජොබ්ස් යනු ඒ අසිරිමත් මිනිසාය.ලෝ සුපතල පරිගණක සමාගමක් වන ඇපල් සමාගම ආරම්භ කල පුද්ගලයා ඔහුය. මේ ලිපිය ලිවීමට මා අදහස් කලේ අදට එනම් ඔක්තෝම්බර් 5 වනදාට ඔහු පිළිකාවක් හේතුවෙන් මෙලොවින් සමුගෙන වසර 3 ක් පිරීම හේතුවෙනි.
ස්ටීව් ජොබ්ස් "Homestead High School" හි ඔහුගේ ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කර තිබේ, ඉන්පසු ඔහු "Reed College"(පලමු උපාධිය පිරිනමන ආයතනයකි) ට ඇතුලත් වන අතර මුදල් අපහසුතා නිසා මාස හයකින් පසු ඔහු ඉගෙනගනිමින් සිටි විෂයන් අත හැර විෂයන් හැදෑරීම ආරම්භ කරනවා.නව නිර්මාණ කිරීමේ උපන් හපන් කමක් ස්ටීව් හට තිබුණි. ඔහු සතු 338 පමණ වූ පේට්න් බලපත්‍ර ඊට හොඳම සාක්ෂියයි. එදා මෙදා තුර බිහිවූ හොඳම පරිගණක උපාංග සමාගම බිහි කරමින් සිය සමාගමේ ආදර්ශ පාඨයෙන්ම ලොවට වෙනස්ව සිතීමට පෙළඹීය ("Think Different"). ඩෙස්ක්ටොප් පරිගණකයට ආවේණික හැඩය ලබා දෙමින් මැකින්ටෝෂ් පරිගණකය නිපදවීම, ලැප්ටොප් පරිගණකය සිහින් හුරුබුහුටි උපකරණයක් බවට පත් කිරීම (Mac Book Air), එදිනෙදා වැඩ පහසු කිරීමට ජංගම පරිගණක උපාංගයක් ලෙස අයි ෆෝන් (iPhone) ස්මාට් ෆෝනය ලොවට හඳුන්වදීම වැනි පරිගණක ලෝකයට අමතක නොවන නිමැවුම් බිහිකිරීම පමණක් නොව ඩිජිටල් පුරුදු ඇති කිරීමටද මේ අසිරිමත් පුද්ගලයා සමත් විය. එපමණක් නොව ලොව උසස් ඝණයේ ඇනිමේෂන් චිත්‍ර පටි නිපදවූ පික්සාර් (Pixar) සමාගමද ස්ටීව් ගේ අධීක්ෂණය යටතේ තිබිණි.
ව්‍යාපාර කටයුතු පමණක් නොව ඔහුගේ ජීවිතයෙන් ද ලබා ගත හැකි ආදර්ශ රාශියකි. ස්ටීව් පාසල් යන කාලයේදීම Hp සමාගමේ රැකියාවක් කල අයෙකි. දෙමාපියන් හට බරක් නොවී තම ශක්තියෙන් ව්‍යාපාරයක් ඇරඹීමට සිතූ ඔහු සිය මිතුරෙකු වූ ස්ටීවු වොසිනියැක් සමග එක්ව ඇපල් සමාගම ඇරඹීය. රෝගාතුර වී වැඩ කිරීමට නොහැකි වන තුරුම ඔහු සිය සමාගම දියුණු කිරීමට වෙහෙස නොබලා කටයුතු කලේය. ඇපල් සමාගම ලැබූ සීග්‍ර දියුණුවට එය ඝෘජුවම බලපෑවේය.

Tags:
News
මෙහි "ස්ටීව් ජොබ්ස් යනු පිලිගත් උපාධි හෝ වෙනයම් අධ්‍යාපනයක් ලැබූ අයෙක් නොවේ" කොටසෙහි යම් සංශෝධනයක් විය යුතුයි මා සිතනවා. ස්ටීව් ජොබ්ස් "Homestead High School" හි ඔහුගේ ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කර තිබේ, ඉන්පසු ඔහු "Reed College"( පලමු උපාධිය පිරිනමන ආයතනයකි ) ට ඇතුලත් වන අතර මුදල් අපහසුතා නිසා මාස හයකින් පසු ඔහු ඉගෙනගනිමින් සිටි විෂයන් අත හැර විෂයන් හැදෑරීම ආරම්භ කරනවා. ඒ නිසා ස්ටීව් ජොබ්ස් "ස්ටීව් ජොබ්ස් යනු පිලිගත් උපාධි හෝ වෙනයම් අධ්‍යාපනයක් ලැබූ අයෙක් නොවේ" යයි කියන්න බැහැ.
ReplyDeleteවැරද්ද නිවැරදි කලා... Thnx!
Deleteස්ටීව් නැති උනාට පස්සෙනම් ඇපල් සමාගම යන්නේ වෙන පාරක වගේ.
ReplyDeleteඇත්ත..ඇත්ත ඕනම වැඩකට හරි නායකත්වයක් තියෙන එපැයි....
Delete