ගොඩක් අය කියන දෙයක් තමයි කාලයක් ගත වීමේදී කොම්පියුටරයේ වේගය කලින් තිබුණට වඩා අඩු වෙනවාය කියන එක. හැබැයි කොම්පියුටරය මෙහෙම ආවට ගියාට slow වෙන්නෑ. මේකට ප්‍රධානම හේතුව තමයි නිසි අකාරයේ නඩත්තුවක් නොතිබීම. සමහර විට වයිරස් හින්දා slow වෙලා කියලා හිතලා ෆෝමැට් කරනවා. ඒත් කොම්පියුටරය slow වෙන්නෙ වයිරස් හින්දම නෙවෙයි .මේ ලිපියෙන් කියන්නේ පරිගණකයක් මන්දගාමී වීමට බලපාන කරුණු කිහිපයක් හා ඒවාට විසඳුම්..
ඩෙක්ස්ටොප් එකේ ෆයිල් ගොඩ ගැසිම...
ගොඩක් අය ලේසියට කරන් දෙයක් තමයි පෙන් ඩ්‍රයිව් එකකින් කොපි කරන දේවල්, නැත්නම් වෙනින් මොනවා හරි ෆයිල් ඩෙස්ක්ටොප් එකට කොපි කරලා තියා ගන්නවා. ඒත් කාලයක් යනකොට මේ ෆයිල් නිසා os එක තියෙන ඩ්‍රයිව් එක ඉබේම පිරෙනවා; ඉතින් මේ නිසා කොම්පියුටරයේ වෙගයට බලපානවා. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් os එක තියෙන ඩ්‍රයිව් එකේ තියෙන ඉඩෙන් 10% ප්‍රමාණයක් හිස්ව පැවතිය යුතු වීම. අපි සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරන කොට ඒ සොෆ්ට්වෙයා සෙටප් එකේ තියෙන ෆයිල් තාවකාලිකව තබාගැනීමට වගේ කටයුතු වලට මේ හිස් ඉඩ වැදගත්.ඒ නිසා තාවකාලිකව ඩෙස්ක්ටොප් එකට ගත්ත ෆයිල් පසුව වෙනත් ඩ්‍රයිව් එකකට මාරු කල යුතු වෙනවා.
රෙජිස්ට්‍රිය ,හාඩ් ඩිස්ක් එක ක්ලීන් කිරීම...
සාමාන්‍යයෙන් කොම්පියුටරයෙන් ගොඩක් කල් වැඩකරන කොට අපිට එතරම් වැදගත් වෙනනැති ෆයිල් එක් රැස් වෙනවා. උදාහරණයක් විදිහට වෙබ් බ්‍රව්සර් වලින් එකතුවෙන කුකීස් ටෙම්පරි ෆයිල්ස් වගේ ඒවා නිසා හාඩ් එක නිකරුනේ පිරෙනවා. ඒ නිසා සතියකට සැරයක් වත් Disk Clean up (C: එක උඩ right ක්ලික් කරලා properties ක්ලික් කරන්න) කරන්න ඕනි. තවත් දෙයක් තමයි ඩිස්ක් ඩිෆ්‍රැග් කරන එක. එඩිස්ක් ඩිෆ්‍රැග් කියනනේ තැන් තැන් තියෙන ෆයිල් පිලිවෙලකට හදන එකට.මේකෙන් ෆයිල්,ෆොල්ඩර් තියෙන තැන් වෙනස් වෙන්නෙ නෑ.ccleaner , Advance System Care වගේ සොෆ්ට්වෙයා එකකින් මේ ඔක්කොම වගේ පහසුවෙන් කරගන්න පුලුවන්.
ඕනැ එපා ඔක්කොම දා ගැනීම...

වැඩි ආරක්ෂාවට වයිරස් ගාඩ් දෙක තුනක් දැමීම...
.jpg)
ඇතුලත පිරිසිදු ද?

ඉතින් මම මේ කියල තියෙන ඒව වගේ තියෙන වැරදි නිවැරදි කරගන්න පුලුවන්නම් ගොඩක් කල් ගත්ත ගමන්ම වගේ කොම්පියුටරෙන් වැඩ ගන්න පුලුවන් වෙයි...
Tags:
Tips&Triks