SIM එකක් වැඩ කරන්නෙ කොහොමද?

SIM එක කියන්නෙ මොකද්ද කියල අද ඉන්න පොඩි ළමයෙක් වුණත් දන්නවා. අලුතෙන් මොබයිල් ෆෝන් එකක් ගත්ත ගමන් ඊළඟට හොයන්නෙ අඩුවෙන් කැපෙන වැඩියෙන් කතා කරන්න පුලුවන් SIM එකක්... ඒත් මේ පුංචි ප්ලාස්ටික් කෑල්ල වැඩකරන හැටි දන්නවද?
ලෝකයේ භාවිත කරන ජංගම දුරකථන ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. ඒ GSM (Global System for Mobile) හා CDMA (Code Division Multiple Access) වශයෙනි. මෙයින් GSM ගණයේ ජංගම දුරකථන සිම් කාඩ් භාවිත කරන අතර CDMA දුරකථන වල එය භාවිත නොකරයි. GSM දුරකථන වලට SIM එකක් නොමැතිව      සන්නිවේදන ජාල හා සම්බන්ඳ විය නොහැක. නමුත් CDMA දුරකථන එසේ නොවේ. එය ජාලය තුල හඳුනා ගැනීමට ESN (Electronic Serial Number) නම් විශේෂ අංකයක් භාවිතා කෙරේ.නමුත් ලෝකයේ වැඩියෙන්ම භාවිතා කරනුයේ GSM දුරකථන වේ.
SIM (Subscriber Identity Module) එකක් යනු සරල පරිගණකයකි (මයික්‍රොකොන්ට්‍රෝලරයක් වැනි). එයට ඊට ආවෙනික වූ මෙහෙයුම් පද්ධතියක් ඇත. එයට දී ඇති උපදෙස් ගොණු හෙවත්

 මෘදුකාංඟ වලින් එය ක්‍රියාත්මක වේ. කුඩා මතකයක් හා ආරක්ෂක යාන්ත්‍රණයක් ඇත.මේ සිම් කාඩ් පතෙහි ඇති තොරතුරු වෙනස් කරන්නට ඊට සේවා සපයන සංන්නිවේදන ආයතන් වලට හැකියාව පවතී. ඊට ඔවුන් භාවිතා කරන්නේ අපූරු ක්‍රමයකි. එනම් විශේෂ කෙටි පණිවිඩයක් ආධාරයෙන් මේ තොරතුරු අවශ්‍ය පරිදි වෙනස් කරයි. එය OTA නැත්නම් Over the Air programming ලෙස හඳුන්වයි. මේ එවන කෙටි පණිවිඩ ඒ දුරකථනය භාවිත කරන්නාට නොදැනේ. 
සිම් එකක් තුල ඉතා වැදගත් තොරතුරු තිබේ. IMSI (International Mobile Subscriber Identity) නම් විශේෂිත කේතයක් සිම් පත් තුල පවතී.ජාලය තුල භාවිත කරන්නා හඳුනා ගන්නේ එම කේතය උපකාරයෙනි. එම කේතය සපයන්නේ දුරකථන සේවා සපයන ආයතනය විසිනි. දුරක්ථනයක් ක්‍රියාත්මක වූ පසු එය ජාලය වෙත ප්‍රවේශ වන්නේ මෙසේය,
  1. දුරකථනය ක්‍රියාත්මක වූ වහාම එය SIM එකෙහි ඇති IMSI කේතය ජාලය තුලට ලබා   දී එය වෙත ප්‍රවේශ වීමට අවසර ඉල්ලයි (request for access)
  2. දෙවනුව ජාලය විසින් එම කේතය දත්ත ගබඩාවේ ඇති වලංඟු කේතයක් දැයි සොයා බලයි.
  3. ජාලය විසින් අහඹු අංකයක් (random number) (A) ජනනය කරනු ලබයි. ඉන් පසු එය IMSI කේතය සමග එක් කර නව අංකයක් නිර්මාණය කරනු ලබයි (B). සිම් කාඩ් පත නිත්‍යානුකූල එකක් ද යන්න නිවැරදිවම දැන ගැනීමට මෙම අංකය (B) භාවිතා කරයි.
  4. දැන් දුරකථනය විසින් ජාලය ජනනය කල අහඹු අංකය (A) ලබා ගෙන, එය සිම් එකෙහි IMSI අංකය සමග එක්කර නව අංකයක් (C) නිර්මාණය කරයි. මෙම අංකය නැවත ජාලය වෙත එවනු ලබයි.
  5. අවසාන වශයෙන් ජාලය විසින් ජනනය කරන ලද (B) අංකය හා දුරකථනයෙන් එවන ලද (C) අංකය එකිනෙක හා ගැලපෙන්නේ දැයි පරික්ෂා කොට එය ගැලපේ නම් ජාලය තුලට ප්‍රවේශ වීමට අවසර ලබා දෙයි.
සෑම සිම් කාඩ් එකක් තුලම ඊට අනන්‍ය අංකයක් පවතී. ICCID (Integrated Circuit Card Identifier) යනු එම අංකයයි. එය සිම් පත තුල හා සිම් පත මතුපිට මුද්‍රණය කර ඇත. ICCID අංකය කොටස් 3කින් යුක්ත වේ. සිම් පත නිකුත් කරන්නාගේ අංකයක්,  අනෙක් ගිණුම් වලින් වෙන්ව හඳුනා ගැනීමේ අංකයක් හා අමතර ආරක්ෂාව වෙනුවෙන් යොදා ගැනෙන සාම්‍ය අංකය ඒ කොටස් 3 වේ.
සිම් කාඩ් පතක් දත්ත ‍රැඳවීමට කුඩා මතකයකින් ද යුක්ත වේ. සාමාන්‍යයෙන් මෙය කිලෝබයිට් 32 සිට 128 දක්වා වූ පරාසයක පවතී. ඒ තුල කෙටි පණිවිඩ (SMS) හා දුරකථන අංක (contact list) ගබඩා කොට තැබිය හැක. මෙම අගය බොහෝ විට සිම් පත මත සටහන් කොට තිබේ. නමුත් බොහෝ විට මෙම තොරතුරු රඳවා තිබෙන්නේ දුරකථනයේ මතකය තුලයි. ඊට හේතුව හදිස්සියකදී  සිම් පත නැති වුවහොත් සිදුවන අවධානමෙන් මිදීමටය. කෙසේ වෙත්තත් දුරකථනයේ මතකය හා සැසඳීමේදී සිම් මතකය ඉතා කුඩා අගයකි.
විවිධ ජංගම දුරකථන වල විවිධ ප්‍රමාණයේ සිම් භාවිත කරයි. ඇත්තෙන්ම මෙහි වෙනස් වන්නේ සිම් පතේ ප්‍රමාණය මිස එහි ඇති පරිතයේ ප්‍රමාණය නොවේ. අද තිබෙන බොහෝ ස්මාර්ට් ෆෝන් වල භාවිත වන්නේ මයික්‍රෝ (Micro SIM) සිම් කාඩ් ය.
         මුලින්ම SIM එක නිපදවූයේ Giesecke&Devrient විසින් 1991 වර්ෂයේදී ය.එදා සිට අද දක්වා මෙහි දෝෂ සමනය කරන්නේත් එහි වගකීම දරන්නේත් GSMA ආයතනය විසිනි.

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features