වින්ඩෝස් 3.0 නිකුත් කරන ලද්දේ 1990 මැයි 22 දා යි. මෙම මෙහෙයුම් පද්ධතිය මයික්‍රෝසොෆ්ට් සමාගමේ ප්‍රථම පුළුල් පරාසයක පැතිරුණු පද්ධතිය විණි. 16 bit (286 පාදක ප්‍රොසෙසර් සඳහා) හා 32 bit (386 පාදක ප්‍රොසෙසර් සඳහා) ලෙස සංස්කරණ දෙකකින් මෙය නිකුත් විය.
වින්ඩෝස් 3.0 නිකුත් කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ එවකට ජනප්‍රියව තිබූ ඇපල් සමාගමේ මැකින්ටෝෂ් පද්ධතියට තරඟයක් දීමටය. භාවිතයට පහසු හා සරල කන්ට්‍රෝල් පැනලයක් හා භාවිත කරන්නාට වඩා සංවේදී යෙදුම් වලින් සමන්විත විය. තවද ඇපල් මෙන් පරිගණකය සමගම නොව තමාට අවශ්‍ය පරිදි ස්ථාපණය කර ගත හැකි ලෙස ෆ්ලෝපි ඩිස්ක් මගින් ලොව පුරා වින්ඩෝස් 3.0 අලෙවි විණි. මෙය ඇපල් මෙහෙයුම් පද්ධතියට දැඩි පහරක් විය. ඇපල් අතුරු මුහුණත අනුකරණය(user interface) කලා යැයි මයික්‍රෝසොෆ්ට් ඇපල් අතර ආරවුලක් ද හට ගෙන නඩු දක්වාද එය දුර දිග ගියේය.
පහතින් දැක්වෙන්නේ එය ක්‍රියාත්මක වීමට පරිගණකය තිබිය යුතු වූ අවම සුදුසුකම් ය...
- 8086/8088 හෝ ඊට වැඩි ප්‍රොසෙසරයක්
- 1 MB හෝ 2 MB රැම් මතකයක්
- 6-7 MB හිස් ඉඩක් සහිත් හාඩ් ඩිස්කයක්
- CGA/EGA/VGA/Hercules/8514/A/XGA ග්‍රැෆික් හා ඊට සහය දක්වන මොනිටරයක්
- MS-DOS 3.1
වින්ඩෝස් 3.0 අදටත් සැලකෙන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ වාසනාවන්තම මෙහෙයුම් පද්ධතිය ලෙසයි. එසේම එය පරිගණක නිෂ්පාදන කර්මාන්තය ද වෙනස් මාවතකට ගෙන ඒමට වින්ඩෝස් 3.0 සමත්විණි.
Tags:
News
අනූපහේදී අපිට ඉගැන්නුවේ MS DOS ගැන.. මට මතකයි ඒ කාලේ වින්ඩෝස් 95 ලෝඩ් කරන්න ඩිස්කට් 16ක්ද කොහෙද යූස් කරා.. ඒ කාලේ මාං කොම්පීටර් ගැන මෙලෝ අලබෝලයක් දන්නේ නෑ.. දැනුත් එහෙමයි ඉතින්. මේ ඔපරේටින්ග් සිස්ටම් විකාශය ගැන සම්පූර්ණ විස්තරයක් දාපු තැනක රෙෆරන්ස් එකක් දාපංකෝ මචන්.
ReplyDeleteඩිස්කට් 16 ක්! දැන් ඉතින් එක CD/DVD එකෙන් පුලුවන් නේ. ඩිස්කට් එකක දාන්න පුලුවන් 1.44 MB විතරයි (ඩිස්කට් 16 ක් කියන්නෙ 24MB විතර). CD එකක 700MB පුලුවන්. CD එකක තියෙන ඒවා දාන්න ඩිස්කට් කීයක් ඕනිද කියල හිතා ගන්න පුලුවන්නේ. මා ගාවත් තියෙනවා ඩිස්කට් එකක්(කෞතුක වස්තුවක් විදිහට!). වින්ඩෝස් ඕස් විකාශය ගැන මයික්‍රෝසොෆ්ට්ලගෙම සයිට් එකේ විස්තරයක් තියෙනවා. (බිල් අංකල් ඒ කාලෙ ගජ ඉලංදාරියා!)
Deletehttp://windows.microsoft.com/en-us/windows/history#T1=era0
තවත් විස්තරයක් විකීපීඩියාවෙ තියෙනවා...
http://en.wikipedia.org/wiki/History_of_Microsoft_Windows