ලංකාවට සම්බන්ධ වූ අධිවේගී SEA-ME-WE 5 කේබලය

                      කෙනෙකු හට අන්තර් ජාල සබඳතාව ලබාගැනීමට නම් අන්තර්ජාල සේවා සපයන්නකු (ISP - Internet Service Provider) හා සම්බන්ද වී එය ලබාගත යුතුය. එහිදී සේවා සපයන්නා ප්‍රධාන අන්තර්ජාල සේවය හා බැඳී සිටී. මෙසේ රටකට  අන්තර් ජාල සේවා ලබා ගැනීමට විවිධ ක්‍රම පවතී. භූ ස්ථාවර චන්ද්‍රිකා මෙන්ම මුහුද යටින් දිවෙන ප්‍රකාශ තන්තු (Fiber Optic) කේබල් මගින්ද මෙසේ ඍජු සේවා ලබා ගැනීමට හැකිය. එහෙත් චන්ද්‍රිකා වලට වඩා ෆයිබර් කේබලයේ දත්ත ගමන් ගැනීම වේගවත්ය.
                     SEA-ME-WE යනු අග්නිදිග ආසියාව, මැද පෙරදිග හා බටහිර යුරෝපය (South East Asia–Middle East–Western Europe) හා සම්බන්ද වන අන්තර් ජාල කේබලයකි. මෙවැනි කේබල් POP-TO-POP (Point of Presence)  කේබල් ලෙස හැඳින්වෙනවා.මේ කේබලය පවතින ප්‍රථම හෝ එකම කේබලය නොවේ. මෙසේ විවිධ රටවල් එක්කර තැනූ කේබල SEA-ME-WE 1, 2,3,4 වශයෙන් පවතී මුල්ම SEA-ME-WE  කේබලය පිහිටවූයේ 1985 දී වන අතර එහි වේගය 12Mhz වේ. කිලෝමීටර් 13,500 දිගැති මෙය තඹ කම්බි යොදා ගනිමින් ප්‍රතිසම(Analog) ආකාරයට දත්ත සම්ප්‍රේෂණය කරනු ලැබුවා. මෙම නව කේබලය කිලෝමීටර් 20,000 ක දිගින් යුතුවන අතර තත්පරයට ටෙරාබිට් 24 වේගයෙන් (24 Tbps) දත්ත හුවමාරු කල හැකිය.  එනම් අධි-විභේදන (high-definition) චිත්‍ර පට 4800 ක් එකවර හුවමාරු කිරීමට තරම් හැකියාවක් මෙයින් ලැබෙනවා .ටෙරාබිට් එකක් යනු ගිගාබිට් 1024 කි (ගිගාබයිට් නොවේ. තත්පරයට බිට් යනු දත්ත ගමන් කරන වේගය මනින මිණුමකි) . මෙම කේබලය තුල ෆයිබර් තංතු 3 කින් සමන්විත වේ. . 

      ලංකාව හා සම්බන්ධ වන මේ කේබලය SEA-ME-WE 5 වේ. මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙන්නේ 2014 වන අතර මේ වසරේ නොවැම්බරයේ නිමවීමට නියමිතව ඇත .මෙම කේබල් ජාලය "The Happy Submarine Cable System" ලෙස හඳුන්වා ඇති අතර, ඒ SMW 5 ජාලයේ උප සභාපතිව කටයුතු කල චීන ජාතික Happy Zhang සිහිවීමටය. ඇය මෙම ව්‍යාපෘතියට සම්බන්ධව සිටින අවධියේ මලයාසියානු MH-370 ගුවන් අනතුරින් අවාසනාවන්ත ලෙස  මෙලොවෙන් සමුගත් අතර ඇගේ සේවය ඇගයීමක් ලෙස මෙසේ නම් කර ඇත.



සිංගප්පූරුව, මලයාසියාව, ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 19 ක් මෙම ජාලයට අයත්වන අතර විවිධ දුරකථන සමාගම් මෙම සේවාව ලබා ගැනීමට සූදානමින් සිටින අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම අප රට නියෝජනය කරයි. මීට දින කීපයකට පෙර මෙම කේබලය ලංකාවේ මාතර ප්‍රදේශයෙන් සම්බන්ධ කරනු ලැබුවා.
මෙම කේබලය සාමාන්‍ය කේබලයක් නොවන අතර ෆයිබර් කේබලය වටකොට තැනූ විශේෂිත ආවරණ කීපයකට මැදිව මෙම කේබලය පවතී. මෙය හරහා දත්ත ගමන් කරන විට ඒ වටා ඇතිවන විද්‍යුත් චුම්බක තරංඟ මෝරුන් විසින් සතුරු ප්‍රහාරයක් ලෙස හඳුනාගෙන ඒවාට හානි කිරීමක් සිදුවේ.  
                     එම නිසා එවැනි ප්‍රහාර මෙන්ම භූ කම්පන ආදියටද ඔරොත්තු දෙන ආකාරයට මෙය නිර්මාණය කර ඇත. කෙසේ වෙතත් කල් යත්ම මේවා දුර්වල වී හානිවූ අවස්ථාද තිබේ. එවිට එයට සම්බන්ධ රටවල අන්තර්ජාල වේගය පහලවැටේ. 
                      මෙම කේබල එළීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන අතර ඒ සඳහා පලපුරුදු ඉංජිනේරුවන්, නෞකා මෙනම සේවකයන් මේ වෙනුවෙන්ම සිටී.මේ අලුත් සබඳතාව නිසා ලංකාවේ බොහෝ ක්ෂේත්‍රයන් හී තොරතුරු තාක්ෂණික කටයුතු වේගවත් වනු ඇතයි බලාපොරොත්තු වනවා.

වැඩිදුර තොරතුරු:-www.seamewe5.com

10 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. අප්පට සිලි. බිට් හා බයිට් අතර වෙනස දැන ගත්තෙත් අද කියහන්කෝ.. හැපී ට ස්තුතියි එමෙන්ම 'සුභ ගමන්'!!!

    මුහුද- මම සහ ඔබ 5 සාදරයෙන් පිලිගන්නවා. මාතර පැත්තෙන් ආවනම් අර දේශකයගෙන් බේර ගන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. //මුහුද- මම සහ ඔබ 5 // ++++++
      දේශකයගෙන් බේර ගන්න එක තමයි අමාරුම දේ...! සීසි ටීවි විතරක් නෙවෙයි සුනාමි අනතුරු එහෙමත් අටවන්න වෙයි.....

      Delete
  2. හොද විස්තර ටිකක් ............. ස්තූති වේවා..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් කුරු‍ටු... වෙල්කම් කිව්වා...

      Delete
  3. හරි ඉහළයි හරිම වටිනවා

    ReplyDelete
  4. හොඳටම ෂුවර්ද බන් ෆයිබර් කේබල් වල ඉලෙක්ට්‍රොමැග්නටික් වේව් ඇතිවෙනව කියල....ඔය මෝරු කේබල් කපන සීන්ස් එක තිබ්බෙ කොපර් කේබල් වලට....ෆයිබර් වල යන්නෙ ලේසර් බීම් එකක් නිසා දන්න තරමින් විද්‍යුත් චුම්භක ශක්තියක් නං කේබල් වලින් ඇතිවෙන්න විදියක් නැහ්.....

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත. මටත් වැරද්දක් වෙලා තියෙනවා. මෝරුන්ගෙන් නැතත් විවිධ හානි කේබල් වලට වෙන්න පුලුවන්.

      Delete
Previous Post Next Post

Recent Post

Features