හායි
ගායිස්! ආෆ්ටර් ලෝන්ග් ටයිම් අහ්! මේ දවස් වල ලොකුවටම කතා වෙන එකක් තමයි මාතෘකාව.
මේ සිද්ධියේ මතුපිටින් පෙනෙන දේට වඩා දෙයක් තියෙනවා. ඇයි මෙහෙම දෙයක් වුනේ ඇත්තටම
වැරැද්ද තියෙන්නෙ පාසල් සිසුවා අතේද? පාසල් සිසුවෙකුට පවා ඇතුල් වීමට තරම් වේබ් අඩවිය
අනාරක්ෂිත ඇයි?
අපේ රටේ තියෙන 'පරිගණක යාන්ත්‍රණ' වල ලොකු දුර්වලතාවක්
තියෙනවා. ඒ තමයි නිසි පරිදි යාවත්කාලින (Update) නොවීම. මේ කතා කරන්නේ වෙබ් පිටුවල අන්තර්ගතය ගැන
නොව බාහිරින් ක්‍රියාත්මක වන මෘදුකාංඟ අට්ටිය ගැනයි. වෙබ් අඩ්වි වේවා ක්ලවුඩ් සේවා
වේවා ක්‍රියාත්මක වන්නේ සර්වර් මෘදුකාංගයක පිහිටෙනි.
*සර්වර් මෘදුකාංගයක් යනු...
සර්වර් මෘදුකාංගයක් යනු එක්
විශේෂිත මෘදුකාංගයකි. අන්තර්ජාලයේදී වෙබ් පිටු වලට පිවිසෙන පරිගණක ක්‍රියා කරන්නේ
"සේවාග්‍රාහක" (clients)
ලෙසයි. වෙබ් පිටු ලබාදෙන පරිගණක හඳුන්වන්නේ සේවාදායක (server) ලෙසයි. පරිගණක බොහෝ ප්‍රමාණයකට
එකවර සේවා ලබාදීමට මෙම පරිගණක වලට පුලුවන්. ඒ වගේම දත්ත ගබඩා හසුරවන මෘදුකාංඟ වගේම
විශේෂ ආරක්ෂක විධි ද මේවායේ ක්‍රියාත්මක වෙනවා. එනම් වෙබ් අඩවියේ අයිති කරුවන්ට
පමණක් ඇතුල් වී අන්තර්ගතය හැසිරවීමට මේ ආරක්ෂක උපක්‍රම යොදාගන්නවා
*වෙලා තියෙන අවුල...
මේ වෙබ් සර්වර් වල ක්‍රියාත්මක
වන ආරක්ෂක උපක්‍රම ටික කාලයකදී කල් ඉකුත්වෙනවා. ඒ කියන්නේ ඒ ආරක්ෂක උපක්‍රම වලින්
රිංඟා යන්නට පිටස්තර පුද්ගලයන්ට (හැකර් වරු) හැකියාව ලැබෙනවා. ඉතින් මේවා නිතරම
යාවත්කාලීන කල යුතු වෙනවා. නමුත් අපේ රටේ අඩුවෙන්ම දේ ඒක. මේ ගැන හොඳම අත්දැකීම
ලැබුණේ ලංකාවේ පාසල් වෙබ් අඩවි ජාලය වන schoolnet සමග වැඩකරන්න යාමේදීය. එය මත සිට පාසල් වෙබ් අඩවි
ගොඩනැගීමේදී අලුත් CMS
(joomla!, Wordpress) පිහිටුවීම ඉතා අපහසුය. බොහෝ දෙනෙක් නොදන්නවා
වූවාට schoolnet ද සයිබර්
ප්‍රහාර වලට ගොදුරු වූ සේවයකි. වරක් එල්ලවූ ප්‍රහාරයකදී එම සර්වරයේ ඇති සියලු වෙබ්
පිටුවල පින්තූර මකා දැමීය. ඉතිං මෙවැනි ප්‍රහාරවලට එම සර්වර් නඩත්තු කරන්නන්ද එක
එල්ලේම වගකිව යුතුය. ජනාධිපතිතුමන්ගේ වෙබ් අඩවියට ප්‍රහාරය එල්ලවූ පසු ඔවුන් එය
අලුත් සර්වර් මෘදුකාංඟයකට මාරුකිරීමට කටයුතු කලේය. එය මීට කලින් කල යුතුව තිබූ
දෙයකි. මේ දේවල් මහා මුදලක් වැය කල යුතු ඒවා නොවේ. නොමිලේ දෙන සර්වර් මෘදුකාංඟ ඕනෑ
තරම් දැන් තිබේ.
*භයානක කම...
මෙය ඉතා සුලු දෙයක් සේ සමහර
අයෙකුට සිතුනද එය එසේ නොවේ. විස්තරය හැටියට මෙම අනවසර ඇතුල්වීමට උදව් දී ඇත්තේ
බංගලාදේශ ජාතිකයෙකුයි. ඉතින් එයින් පෙනෙන්නේ පිට රැටියන්ද අපේ රට ගැන ඇස ගසාගෙන
සිටින බව නොවේද? ඉතිං එයට
අපේ රටේ අයගෙන්ද උදව් ලැබුණු විට?
සයිබර් ප්‍රහාර වලින් කල
හැක්කේ හුදෙක් වෙබ් අඩවි අකර්මන්‍ය කිරීම පමණක් නොවේ. අද විශාල විදුලි බලාගාර, ජල පොම්පාගාර ක්‍රියාත්මක
වන්නේ පරිගණක පද්ධති වල උදව්වෙනි. ඉතින් මේවැනි තැනකට එවැනි ප්‍රහාරයක් එල්ල
වුවහොත් කෙලින්ම බලපෑම එල්ල වන්නේ සාමාන්‍ය ජන ජීවිතයටය්. අවාසනාවට ත්‍රස්තවාදින්ගේ
ද අලුත්ම ඉලක්ක යොමුව ඇත්තේ ද සයිබර් ප්‍රහාර කෙරෙහිය . එවැනි අවදානම් නිසා දැන්
බොහෝ රටවල සයිබර් බලකා පිහිටුවා ඇත. සයිබර් බලකා කෙසේ වෙතත් කල යුතු සරල ආරක්ෂක
උපක්‍රම කලට වේලාවට සිදුකිරීම ප්‍රමාණවත් ය. එවිට සම්පූර්ණයෙන් කෙසේ වෙතත් අවධානම
අවම කර ගැනීමටවත් පුළුවන. නියපොත්තෙන් කැඩිය හැකිදේ පොරොවෙන් කැපෙන තැනට වැඩ කල
යුතු නැත.
වනේ උඩු දුවනකල්ම ඉන්නවා ප්‍රතිකර්මයක් කරන්න... අපේ රටේ හැටි එහෙමනේ....
ReplyDeleteහරියට හරි නිර්මාණි. අපිට හැමදාම වැරදෙන්නෙ ඔතන තමයි
Deleteනියම කතාව නිර්මාණි... ස්තුතියි ටෙක්...
ReplyDeleteගොඩක් ස්තූතියි හීන දකින්නී
Deleteඔහේ පේපර් එකත් හැක් කොළා ද?
ReplyDeleteහැක්! එහෙම කරපු සෙට් එකක් නුවර එළිය පැත්තෙන් මාට්‍ටු උනා නේ ප්‍රසා අයියේ!!!
DeleteMachan ubath mokak hari hack kara nam hodai kiyala hithennedda? (maleesha_2016_A/L_maths godakawela )
ReplyDeleteඊළඟ පාර සමාව දෙයිද දන්නෑනෙ හිටං.. ;)
DeleteEla
ReplyDeleteThanks for a great reead
ReplyDeleteThank you!
Delete