වේගා. ලංකාවේ නිපදවෙන පළවෙනි ඉලෙක්ට්‍රික් සුපිරි මෝටර් රථය. Code Gen සමාගමේ අනුග්‍රහයෙන් මේ සුපිරි කාරය ගොඩනැගෙන හැටි ගැන මීට පෙර ලිපි දෙකක් පල කලා. පළවෙනි ලිපිය මෙතනින් කියවන්න පුළුවන්. දෙවෙනි ලිපිය කියවන්න මෙතෙනින් පුළුවන්. ඒ ලිපි වලින් වේගා හි පලමු ගමන් කිරීම හා එය ගොඩනැගෙන ආකාරය පෙන්වූවා. මේ විඩියෝ එකෙන් ඉදිරිපත් කරන්නේ වේගා රථයේ සාර්ථකව සිදුකල පරීක්ෂණ ධාවනයන් ගැනයි.
මේ ව්‍යාපෘතිය ගැන ගොඩක් අය සතුටින්, කල හැකි දෙයක් ලෙස බලන අතර සමහරක් අය මේ දෙස බැලුවේ කල නොහැකි නිෂ්ඵල දෙයක් ලෙසයි. මේ මෝටර් රථයේ මිල ලාංකිකයන් වන අපට දරා ගත නොහැකි බව සැබෑය. එනමුත් මෙවැනි විසල් ව්‍යාපෘතියක් අපට කල හැකි බව පෙන්වාදීම ම නව නිපැයුම් කරුවන්ට දුන් සැබෑ දිරිගැන්වීමකි. විදෙස් රටවල නිපැයුම් ගැන උජාරුවෙන්, වර්ණනා කරමින් ලියන අපේ රටේ ඇතැම් තාක්ෂණික සඟරා මෙවැනි තම රටේ නිපැයුම් ගැන අකුරක් පල කරන්නේ නැත. ඒ කෙසේ වුවත් tech සයුරට ඔවුන් ඉතා වටියි.කියන්නට බොහෝ දේ ඇත. ඉදිරි ලිපියකින් හමුවෙමු....
![]() |
|
|
|
| ![]() |
|
|
|
|
මරු යැ.
ReplyDeleteඑසේයැ
Deleteහැහ්!
Deleteස්තූයි යැ
Deleteනියමයි ...
ReplyDeleteස්තූතියි ඩියෝන්.. සාදරයෙන් පිළිගන්නවා!
Delete👌👌
ReplyDelete