පෙර ලිපියෙන් රොබෝවේ සැකිල්ල සෑදීම ගැන විස්තර කෙරුනා. මේ ලිපියෙන් රොබෝවේ පරිපථ කොටස් සාදා ගන්න හැටි ගැන දැනගන්න පුළුවන්.
ප්‍රධාන පරිපථය
(Click to large) |
උපාංඟ විස්තරය
- D1 - D 10 : - 1N4007
- R1 - R5, R8 :- 330 ohms
- R6 - R7, R9 :- 1K
- VR1 - VR5 :- 100K
- K1 :- Pizzo buzzor
- C1 - C2 :- 33pf
- C3 - C4 :- 220uF / 16v
- X1 :- 20Mhz
- TR1 :- BC 548
සෙන්සර් පැනලය
(Click to large) |
- R1 - R5 :- 220 ohms
- R6 - R15 :- 10K
CN2 කනෙක්ටර් එක තියෙන්නෙ මයික්‍රෝකොන්ට්‍රෝලාර් එකට ප්‍රෝග්‍රෑම් එක ඇතුලත් කරන්න PICK kit 2 ප්‍රෝග්‍රැමර් එක සවිකරගන්න. PIC kit 2 එකක් නැත්නම් JDM එකකින් උනත් ප්‍රෝග්‍රෑම් කරගන්න පුලුවන්. JDM එකකින් ප්‍රෝග්‍රෑම් කරනවනම් මයික්‍රෝකොන්ට්‍රෝලර් එක ගලවන්න වෙන හින්දා 40 pin IC base එක වෙනුවට 40 pin zip socket එකක් හයි කරන එක ගොඩක් හොඳයි. නැත්නම් නිතර ගලවනකොට IC base එකට වගේම මයික්‍රොකොන්ට්‍රෝලර් එකටත් හානි වෙන්න පුළුවන්. අනෙක් සියලු කොටස් සම්බන්ධ වෙන හැටි රූප සටහන් වලින් බලාගන්න පුළුවන්.
➤CN2 කනෙක්ටරය PIC kit 2 හා සම්බන්ධ වන ආකාරය
➤CN2 කනෙක්ටරය PIC kit 2 හා සම්බන්ධ වන ආකාරය
➤CN3 කනෙක්ටරය HC-SR04 සෙන්සරය හා සම්බන්ධ වන ආකාරය
➤CN4 හා CN5 කනෙක්ටර් SG90Servo සර්වෝ මෝටර් හා සම්බන්ධ වන ආකාරය
පරිපථය බැලුවම පේනවා ඇති මයික්‍රොන්ට්‍රෝලරය සහිත කොටසට එක බල සැපයුමකුත් (PW1), මෝටර් සඳහා වෙනම සැපයුම් කොටසකුත් (PW2) තියෙනවා. මේ කොටස් දෙකටම 6v හරි ඊට වැඩි අගයක් ඕනි. මෝටර් ක්‍රියාත්මක වෙන කොට බැටරි ඉක්මනින් බසින නිසා මෙහෙම සැපයුම් අග්‍ර 2ක් හදල තියෙනවා.
සෙන්සර් පැනල් එක පාස්සන කොට රොබෝව ගමන් කරන මාර්ගයේ මැදට සෙන්සර් පැනල් එකේ මැද සෙන්සරය එන විදිහටත්, ඊට දෙපැත්තෙ තියෙන සෙන්සර් දෙක ඊට මිලිමීටර් 20ක් පමණ ඈතින් පිහිටන විදිහටත් පාස්සා ගන්න.
CN6 හා CN7 කනෙක්ටර් වලින් රොබෝවෙ රෝද සම්බන්ධ මෝටර් වල වයර් සම්බන්ධ කර ගන්න .K1 කියන්නෙ පොඩි pizzo buzzer එකක් (එලාම් ඔරලෝසු, කොම්පියුටර් මද(ර්)බෝඩ් වල තියෙන වර්ගයේ). එහෙම නැත්නම් ඒ වෙනුවට ස්පීකරයක් ගන්න. SW1 ස්විචයෙන් රොබෝවෙ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. SW2 ස්විචය තියෙන්නෙ අවශ්‍ය උනෝතින් රීසෙට් කරන්න. මේ තමයි පරිපථයේ විස්තරේ. ඕනිම ගැටලුවක් තියෙනවනම් අහන්න.ඊළඟ ලිපියෙන් රොබෝවෙ වැඩසටහනත්, බැටරි ගැනත් දැනගන්න පුළුවන්.
Data sheets
PIC16F877A
LM324
TCRT 5000
BC 548
LM7805
L298
SG90Servo
1. හැඳින්වීම 2.සැකිල්ල සෑදීම

ප.ලි
නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලට tech සයුරත් ආවා! සම්මාන දිනා ගත් සියලු දෙනාට හද පිරි සුබ පැතුම් එක්කරන ගමන් කියන්නේ තව අලුත් ලිපි ලියන්න කියාය. අකුරු වලින් මූණ පෙන්නල තිබුණු මීට කලින් මුණ නොගැහුණු ගොඩ දෙනෙක් අදුනගත්තා. එරංදි අක්කා, දසුන් අයියා, අවන්හලේ මහේෂ් අයියා, අහසින් එන්න ලියන කසුන් අයියත් නිර්මාණි අක්කත්, රෝමාන්තික රස්තියාදුකාරයා, දුමින්ද අයියා, වාසිතය ලියන මිතිල මල්ලි, කමී, ස්‍රංග අයියා, වැව් ඉස්මත්ත, ප්‍රා ජේ, ඕනමැන්ටල්, රඟපානවා කියා බොරු කියපු තරු අක්කා ;) , හීන්දෑරී වත්සලා අක්කලා දෙන්නා, අජිත් අයියා, උපුල් අයියා, උඩුවා අයියා (නමක් අමතක වී ඇත් නම් කමා වන්න...) වගේ ලොකූ සෙට් එකක් අඳුනා ගන්න ලැබුණ සතුට අලුත් අයිෆෝන් 6+ එකකින් වත් ලබා ගන්නට බැරිය. විශේෂයෙන් ඒමට නොහැකිව අතරමංව සිටි මා හට උදව් කල අජිත් අයියාටත්, එරංදි අක්කා හා දසුන් අයියාටත්, අටං අයියාටත්, උපුල් අයියාත් ගොඩක් ස්තූතිය.ඊලඟ සම්මාන උළෙල මීටත් වඩා සාර්ථකව කිරීමට හැකි වේවායි! tech සයුර සුබ පතනවාය.
හොඳා හොඳා. ඊගාව එකත් දැම්මනං.
ReplyDeleteඅපිටත් ඉතිං කාරපොත්තෙක් අල්ලගන්න හරි ඔයිං එකක් හදාගන්න බලන්න.
ඇයි ඔය ඉන්නෙ පූස් හමුදාවක්ම.. ඒ සෙට් එක පුහුණු කරල ගත්ත නම් ගොඩේ ගොඩ. සුරංග අයියගෙන් හෙල්ප් ගත්තෑකි. හැක්!
Deleteඉන්නට බැරිව ආසනෙ අපි ඉදගෙනම
ReplyDeleteකන්නට ගියා රෝමා සමගින් මෙමම
මිතිලට අසංගට එකවී ඒ ළඟම
දැක්කට සතුටු වෙනවා ටෙක් මලේ මම
ජයවේවා!!!
ඉන්නා විටක හපමින් දීසියක මම
Deleteදැක්කා තුන් දෙනා වටවී සිටින බව
සිනා සෙමින් වූ මා හා දොඩමළු ව
සතුටකි දුමී අයියේ ඔබ හමු වීම
ජයෙන් ජයම වේවා!!
අපේ රටෙ ඉන්නේ මහ පුදුම මිනිස්සු බෙහෙත් ගන්නබැරිවුනාම දොස්තර හත්මුතු පරම්පරාවටම බනිනවා ඔවුන් කරන කැපවිම ගැන සිතාබලන්නේ නෑ මහජන මුදලින් ඉගනගත්තා කියනවා තමන්ගේ ලමයාටත් මහහජන මුදලින් ඉගනගන්න තිබුනනේ නමුත් එහෙම වුනේ නෑ දක්ෂකම තිබුනු අය ඉදිරියට ගියා හෑමොටම එක බෑ දක්ශයෝ ඉඉදිරියට යා යුතුයි එක තමයි ස්භාවික වරනය සමාජයක් දියුනු වෙන්නේ එහෙමයි.බස් ගැමුනුගේ ලමයත් දොස්තර කෙනෙක් විය යුතුයි. තර්කයක් නෑ හැබැයි දක්ශකම මත එහෙම නැතිව ජාවාරම් සල්ලි බලෙන් නේවේ.
ReplyDeleteඅනෙක දුශ්කර ප්‍රෙදේශ වල ලමයි ගැන කියනවා ඔවුන් විතරයි දන්නේ සිලබස් එක හොයා ගන්න ඔවුන් විදින දුක. එකේ අඅඩුපාඩු මකාගෙන ස්වයං අධ්‍යනයෙන් ඔවුන් විබාගය ජයගත යුතුයි නමුත් අනිකුත් ප්‍රදේශවල ලමයින්ට පාසලේ හා ටියුෂන් කඩේ සිලබස් එක දෙපාරක් කේරෙනඑහෙම කරලත් ඔවුන් අඩු ලකුනුත් ඉල්ලනවා
අපේ රටේ අධ්‍යාපනය සමබර නැති බව ඇත්ත කතාවක්. ඒක තාම අපේ රටේ තියෙන ලොකු වැරැද්දක්. ගැඹුරින් සාකච්ඡා කල යුතු මාතෘකාවක්...
Deleteමේවා ඉතින් තේරෙන එවා නෙවෙයි බන්. ඒත් කියවනවා කොනක් හරි අල්ල ගන්න
ReplyDeleteඒ වුණාට මෙව්වා වටින ලිපි මචෝ දිගටම ඇවිල්ලා කියවනවා. උඹව හමුවීමත් ලොකු සතුටක්
Deleteඅනිවා රස්තා අයියේ.. මට ඕනිත් ඒකමයි...
Deleteජය වේවා!