මේ ලිපියෙන් රොබෝවේ firmware ඇතුලත් කිරීම හා රොබෝවේ ගමන් කරන මග ගැන විස්තර කෙරෙනවා.
රොබෝවේ ෆ(ර්)ම්වෙයා කියන්නෙ රොබෝවෙ ක්‍රියාකාරිත්වයට ලියනු ලබන වැඩසටහනයි. මේ වැඩසටහන ලියා ඇත්තේ microC කම්පයිලරයෙන්. ඒ කෝඩ් තේරුම් ගන්න පහසුවෙන්න. ඒ කෝඩ් පහලින් තියෙනවා. ඕනි කෙනෙකුට ඩවුන්ලෝඩ් කරල ඕනි විදිහකට වෙනස් කරගන්න පුළුවන්. මොකද රොබෝවෙ සැලැස්ම වෙනස් වුනොත් මේ කෝඩ් වෙනස් කරන්ත් වෙනවා. විශේෂයෙන් බාධක හඳුනාගන්න අල්ට්‍රාසොනික් සෙන්සර් එකට ලියල තියෙන කෝඩ් එක. ඉතිං කෝඩ් එකේ මොකක්ම හරි ගැටලුවක් තියෙනවනම් අහන්න පුළුවන් ඕනි කෙනෙකුට (රොබෝ හදනවනම් ගෝඩක් වෙලාවට ගැටළු එන්න පුළුවන්). එහෙමත් නැත්නම් hex ෆයිල් එක තියෙනවා කෙලින්ම මයික්‍රොකන්ට්‍රෝලරයට ඇතුලත් කරගන්න පුළුවන්. ඒකට PICKit 2 වගේම JDM ප්‍රෝග්‍රැමර් එකක් ගන්න පුළුවන්.
රෝබෝවට බලය සපයන්න 5v වැඩි වෙන්න ඕනි. Rechargeable බැටරි තමයි ගොඩක්ම හොඳ. සාමාන්‍ය 9v බැටරි මෝටර් වැඩ කරන කොට ඉක්මනින් බහිනවා. රිචා(ර්)ජබල් බැටරි හොයාගන්න අමාරුයි නම් පරණ ෆෝන් බැටරි දෙකක් අරගෙන ඒකෙ ආවරණය අයින් කරල පහල රූපෙ තියෙන විදිහට සම්බන්ධ කරල බැටරියක් හදා ගන්න පුලුවන්.
මෝටර් දෙකේ වේගෙ පාලනය කරන්නෙ කෝඩ් එකේ PWM1_Set_Duty( ); යි PWM2_Set_Duty( ); කොටස් වලින්. වරහන් ඇතුලට 1 ඉඳන් 255 පරාසයක අගයන් දාලා වේගෙ පාලනය කරන්න පුළුවන් .PWM කියන්නෙ Pulse Width Modulation , සිංහලෙන් "ස්පන්ධ පළල සැකස්ම" යි. මෝටර් වල වේගය පාලනය කරන්නෙ PWM වලින්. ගොඩක් වේගෙ වැඩි උනොත් රෝබෝ මාර්ගයෙන් පිට පනිනවා. ඒ නිසා ගැලපෙන වේගය තෝරාගන්න ඕනි.
මෝටර් දෙකේ වේගෙ පාලනය කරන්නෙ කෝඩ් එකේ PWM1_Set_Duty( ); යි PWM2_Set_Duty( ); කොටස් වලින්. වරහන් ඇතුලට 1 ඉඳන් 255 පරාසයක අගයන් දාලා වේගෙ පාලනය කරන්න පුළුවන් .PWM කියන්නෙ Pulse Width Modulation , සිංහලෙන් "ස්පන්ධ පළල සැකස්ම" යි. මෝටර් වල වේගය පාලනය කරන්නෙ PWM වලින්. ගොඩක් වේගෙ වැඩි උනොත් රෝබෝ මාර්ගයෙන් පිට පනිනවා. ඒ නිසා ගැලපෙන වේගය තෝරාගන්න ඕනි.
රොබෝ ගමන් කරන පාර හදල තියෙන්නෙ සුදු පසුබිමක (බ්‍රිස්ටල් බෝඩ් හරි බොක්ස් බෝඩ් හරි) කලු පාට ටේප් (වයරින් ටේප් කියන්නෙ) වලින් 3cm පලල එන විදිහට. පාරේ සැලැස්ම පහල රූපෙ විදිහට හදා ගන්න ඕනි.
රෝබෝ ගැන මොනවම හරි ගැටලු තියෙනවනම් කමෙන්ට් එකකින් දාන්න.
රෝබෝ ගැන මොනවම හරි ගැටලු තියෙනවනම් කමෙන්ට් එකකින් දාන්න.
ඔන්න දැං තමයි මඤ්ඤං වෙන ඒව ටික තියෙන්නෙ.
ReplyDeleteඔයා රොබෝ හදනවනම් මඤ්ඤං ටික මගෙ ගානේ.. ;)
Deleteඋබේ ලිපි බොහොම පිළිවෙලවට පින්තූරත් එක්ක තියෙනවා මචෝ. ඒක හොද දෙයක්,දන්න එකෙක්ට වගේම ඕනෙ කමක් තියෙන එකෙක්ටත් ට්‍රයි එකක් හරි දෙන්න පුලුවන්
ReplyDeleteමගේ අරමුණත් ඒකම තමයි මචං අයියේ...
Deleteගොඩක් ස්තූතියි!
අදත් හොඳයි මේ ලියමන කියවන්න
ReplyDeleteතවත් එකෙක් හට දැණුමක් ලැබගන්න
ඔබෙත් උදව් දෙනවද මට කරගන්න
මටත් හිතයි රොබෝ ළඳක් බැඳගන්න...
ජයවේවා!!!
ස්තූතියි අයියේ ඔබෙ අදහසට
Deleteතවත් කෙනෙක් ගොඩ යන එකමයි සතුට
හැකිනම් දෙන්නට ලොකු කුට්ටි මට
හැකිය මටත් කපු කම කරලා දෙන්ට
ජයෙන් ජය වේවා!!!
හොඳ පැහැදිලි කිරීමක්.ඔය වැඩවලට ඕනි බඩු සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික් බඩු කඩවල තියනවද ?
ReplyDeleteමේ කොටස් සාමාන්‍ය ටීවී රේඩියෝ හදන තැන්වල නම් හොයන්න ටිකක් අමාරුයි. පිටකොටුවේ නම් තියෙනවා . දුර බැහැර ඉන්න අයට lankatronics.com වගේ වෙබ් සයිට් එකකින් ඕඩර් කරල ගන්න පුළුවන්.
Deleteසාදරයෙන් පිළිගන්නවා බක්කරේ!
මැලේසියාවල සයිබෝ ටෙක් ආයතනයෙන් කරන රොබෝ හදන කෝස් එකකට යන්න හිතන් ඉන්නේ... මැයි 20 ක්ලාස් පටන් ගන්නවා... ඒකෙ IT, Electronics වෙනම උගන්නනවා...
ReplyDeleteෂා! නියමයි මිතිල.. අපිටත් බැරියැ උදව් ගන්න!
Deletematath help ekak denawada
ReplyDeleteකියන්න සමනලයෝ
DeletePlz help me
ReplyDeleteMekata oni dewal kiyanna puluwanda..me roboge pic tikak ewanna.plzz
ReplyDeleteSorry for late Mahesh.. Here is the link to 1st post
Deletehttp://techsayura.blogspot.com/2017/03/building-optimus-robot-part-1.html
සාමාන්‍ය 9v බැටරි මෝටර් වැඩ කරන කොට ඉක්මනින් බහිනවා. // ඔයා මේක කලින් කිව්වේ නැහැනේ. හේ හේ මම 9v බැටරි දැම්ම නිසා තමා රස්ප්බෙරි එක පිච්චුනේ
ReplyDeleteහික්ස්! Microcontroler ගොඩක් වෙලාවට වැඩ කරන්නෙ 5v වලින්. ඒකනේ රාස්බෙරි එකට micro usb port එකක් තියෙන්නේ.
Deletemaruuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
ReplyDelete+++++
Delete