එදිනෙදා සිදුවෙන ගණුදෙනු පහසු කරන්න බැංකු මගින් නොයෙක් තාක්ෂණික සේවා පහසුකම් ලබා දෙනවා. ඒ අතරින් මෑතකදී සම්පත් බැංකුව හදුන්වා දුන්න සේවයක් තමයි Sampath Slip-less ඇප් එක. පුරුදු විදිහට බැංකුවට ගිහින් Cash deposit slip එකක් පුරවනවා වෙනුවට මේ ඇප් එකට තොරතුරු ඇතුලත් කරලා බැංකුවට දෙන්න පුළුවන් කරන්න පුළුවන්.
ඇප් එක Download කරගන්න
ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට Google Play වලින් වගේම ඇපල් ෆෝන් වලට App Store වලින් Slip-less ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
ඇප් එක install කරගත්තට පස්සෙ මුලින්ම එන්නෙ මේ screen එක. ඒකෙදි නම, ජාතික හැදුනුම් පත් අංකය, ෆෝන් නම්බර් එක වගේම ලිපිනයත් දෙන්න ඕනි. ඊට අමතරව දැනටමත් සම්පත් බැංකුවේ ගිණුමක් තියෙනවද නැද්ද කියන එකත් ඇප් එකෙන් අහනවා. ගිණුමක් නැති කෙනෙක් නම් මුදල් තැන්පත් කරන්න විතරක් පහසුකම් ලැබෙනවා.
ඊට පස්සේ දීපු ෆෝන් නම්බර් එක තහවුරු කරගන්න අංක හතරක කෝඩ් එකක් එවනවා. අන්න ඒක ඊළඟට එන screen එකේ ටයිප් කරන්න ඕනි.
අලුත් ස්ලිප් එකක් පුරවන හැටි
ඊළඟට එන Slip screen එකේ pending කියන ටැබ් එකෙ පහල තියෙන + ලකුණ ටච් කලාම අලුත් ස්ලිප් එකක් ලැබෙනවා.
දැන් ඉතින් සාමාන්‍ය slip එකක වගේම උඩින් ගිණුම් අංකය නෝට්ටු ප්‍රමාණය වගේම මුදල රු.200,000 වැඩි නම් අවශ්‍යතාවය සඳහන් කරන්න ඕනි.
මේ ඔක්කොම විස්තර ටික ඇතුලත් කරලා පහලින් තියෙන Create Transaction කියන බට්න් එක ටච් කරාම Cash Deposit Slip එක හැදෙනවා.
දැන් කරන්න තියෙන්නෙ මේ හදපු ස්ලිප් එක සල්ලිත් එක්ක බැංකුවට ගිහින් දෙන එකයි. Pending list එකේ තියෙන slip එක open වුණාම මේ විදිහට Reference number එකක්, QR Code එකක්, Bar Code එකක් එක්ක ගණුදෙනුවෙ සාරාංශයක් බලා ගන්න පුළුවන්. බැංකුවට මේ Reference Number එක තමයි ඕනි වෙන්නෙ.
Eekath maru....
ReplyDeletejayaweawaa!!!
ස්තූතියි දුමී!!!!
Deleteහරි සම්පත් එකේ එකවුන්ට් එකකුත් තියේ කියමුකො. කෝ එතකොට ස්මාර්ට් ෆෝන් එකක්.
ReplyDeleteඅනේ අයියෙ ඒකනම් බැංකුවෙන් දෙන්නෑ
Deleteහැක්!..
මං දාපු කොමෙන්ට එක කෝ යකෝ?
ReplyDeleteඅනේ මං ඩීලීට් කලේ නෑ කසුන් අයියේ.. සබ්මිට් වෙලා නැතුව ඇති...
Deleteඔ යේස් . අපි වගේ කොල්ලෝ නම් ඉතිං ඕව තමා පාවිච්චිය , හැක
ReplyDeleteඈ ඉවාන්... මම 60 දශකයට ගියාවත් ද? හැක්..!
Delete