ලාංකිකයකු නිපදවූ ලොව ප්‍රථම කාමර උෂ්නත්ව සුපිරි සන්නායකය

            සුපිරි සන්නායක ගැන සමහර අය අහලත් ඇති. සුපිරි සන්නායකයක් කියන්නේ කිසිඳු ප්‍රතිරෝධයක් නැතිව ධාරාවක් ගලා යන්න පුළුවන් සන්නායකයකට. මේ සන්නායකයෙන් ධාරාවක් ගලායනකොට ශක්ති හානියක් සිදුවෙන්නෙ නැති තරම්! කොහොම උනත් මෙතෙක් කාලයක් මේ ආකාරයේ සුපිරි සන්නායක හදන්න බැරි හේතු ගණනාවක් තිබුණා. ඒකට එක හේතුවක් තමයි කාමර උෂ්ණත්වය තුළ මේ තත්වය ලබා ගන්න බැරි වීම. 
               දැනට තියෙන හැම සුපිරි සන්නායකයක්ම ඒ ගුණ පෙන්නනෙ ඉතා පහළ උෂ්ණත්ව වලදී පමණයි. මෙන්න මේ බාධකය ජය ගන්න ශ්‍රී ලාංකීය භෞතික විද්‍යාඥ රංග ඩයස් මහතා ඇතුලු කණ්ඩායමකට හැකි වෙලා තියෙනවා.
https://www.quantamagazine.org/
                             නිව් යෝක් රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ (University of Rochester in New York) විද්‍යාඥ රංග ඩයස් මහතා ඇතුලු පිරිසක් සිදුකල පරීක්ෂණයක ප්‍රථිඵලයක් ලෙස මේ නව සොයා ගැනීම සිදු කිරීමට හැකි වී තිබෙන්නේ. මේ වන තෙක් සොයා තිබුණු සුපිරි සන්නායක ද්‍රව්‍ය ක්‍රියාත්මක වීමට −140 °C තරම් පහළ උෂ්ණත්වයක් අවශ්‍ය වී තිබිණි. නමුත් මේ නව සොයා ගැනීමත් සමග එය 15 °C තරම් සාමාන්‍ය උෂ්ණත්වයක ක්‍රියාත්මක වන පරිදි ගෙන ඒමට හැකිවී තිබෙනවා. එයා ඉතා විශිෂ්ඨ ඉදිරි පිම්මකි. මේ සඳහා ඔවුන් යොදාගෙන ඇත්තේ කාබන්, සල්ෆර් හා හයිඩ්‍රජන් යන මූලද්‍රවය යොදාගෙන දියමන්ති දෙකක් අතර තබා සැකසූ සුපිරි සන්නායකයකි. එහිදී ඔවුන්ට නිරීක්ෂණය කල හැකි වී ඇත්තේ සන්නායකයේ පීඩනය වැඩිවනවාත් සමග එය සුපිරි සන්නායකයක් ලෙස ක්‍රියාත්මක වීමට හැකි උෂ්ණත්වය වැඩි කල හැකි බවකි. එසේ පීඩනය ගිගා පැස්කල් 267 තරම් වැඩි කල විට මෙසේ කාමර උෂ්ණත්වයේ වැඩකල හැකි බව හඳුනාගෙන ඇත. ගිගා පැස්කල් 267ක් යනු මුහුදු මට්ටමේ ඇති වායුගෝලීය පීඩනය මෙන් මිලියන 2.6 ගුණයකි. දැනට මෙය ප්‍රායෝගිකව භාවිතා කිරීමට නොහැකි වීමට ඇති බාධාවක් වන්නේ එයයි. එසේම තවමත් මෙය ඉතා පරීක්ෂණ මට්ටමේ පවතින දෙයක් වන බවත් තව විසඳා ගැනීමට බොහෝ දේ ඇති බව ඔවුන් වැඩි දුරටත් පවසා තිබේ.
https://hajim.rochester.edu
                        මෙම පරීක්ෂණය සිදුකල ශ්‍රී ලාංකිකයකු වන භෞතික විද්‍යාඥ රංග ඩයස් මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් භෞතිකවිද්‍යාව හා ගණිතය පිළිබඳ උපාධිය හදාරා වසර 2007 දී ඇමරිකාවේ වොෂින්ටන් වෙත පැමිණ එහිදී ප්‍රාන්ත විශ්වවිද්‍යාලයෙ (Washington State University) සිය ආචාර්‍ය උපාදිය හදාරා ඇත. ඔහු දැනට නිව් යෝක් රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්‍ය් වරයෙකු ලෙස කටයුතු කරනු ලබයි. ලෝකයට වඩා වැදගත් වූ මෙවැනි අති විශිෂ්ඨ සොයා ගැනීමක් කිරීමට දායක වූ ඔහු ශ්‍රී ලාංකික අපට මහත් අභිමානයකි.!

7 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. ආඩම්බරයි දුකයි.
    ලාංකිකයෙක් විම ගැන ආඩම්බරයි එත් දුක මේ තාක්ෂණයෙන් අපේ රටට ආදායමක් හෝ වෙනයම් නිර්මාණයක් නොවිම. හැබැයි ඔහු ලංකාවේ හිටියා නම් විශ්වවිද්‍යාලයක නිබන්ධනයක් ලියං නිකං පුටු රත්කරන්නෙකු වෙයි. කරපු පර්යේෂණ වැලලිලා යාවි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් අයියේ. ලෝකෙට ලොකු සේවයක් කරන, අපිට වැඩක් ගන්න බැරි වුණ අය කොච්චර ඉන්නවද. විවිශ්වවිද්‍යාල වල නිබන්ධන වල අන්තිමට උරුම වේයන්ට්ටයි කාවොන්ටයි. ඒ අතර අතහැරුනු වටිනා කියන අදහස් කොච්චර ඇතිද...

      Delete
  2. ශ්‍රී ලාංකිකයා කියන වචනයට නම් මම එතරම් කැමති නෑ. එහි අරුත සිංහල නොවේ යන්නයි.
    අපි සිංහලයා කියා කියමු.
    සිංහලයන්ට බටහිර විද්‍යාඥයන් වෙන්න බෑ. නමුත් සිංහලයන්ට තාක්ෂණවේදීන් වෙන්න පුළුවන්.
    ජපන්නුන්ට වෙලා තියෙන්නෙත් ඒක.

    මෙතුමා දක්ෂ තාක්ෂණ වේදියෙක්. මම මෙතුමාට සුභ පතනවා.

    එසේම ඇමරිකා ඔරුමත්තුනාඩුවේ බින්න නොබසීවා කියලා පතනවා.

    ReplyDelete
    Replies
    1. එහෙමම කියන්නත් බෑ. සිංහල අපිට මේ රටේ උරුමයක් තියෙන එක ඇත්ත. ඒත් එක් එක් විශිෂ්ඨ චරිත ලාංකිකයන් වශයෙන් කරපු සේවාවන් සිංහලයන් වශයෙන් පමණක් ලඝු කරන්න බෑ. උදාහරණයක් වශයෙන් මහාචාර්‍ය සෙල්වදුරෙයි මහලින්ගම් මහතා ගැන මං ලියපු ලිපිය
      බලන්න. අපිට ආඩම්බර වෙන්න, උදම් වෙන්න තිබුනා අපි අපේ දේශීය දේ වලට, නව නිපැයුම් වලට නිසි තැන දෙනවනම්. අඩුම මේ වයිරසය පැතිරුණු කාලයේ බිහිවුණු නව නිපැයුමක් වත් ඉදිරියට ආවා දැක්ක ද? මං කියන්නෙ නෑ අපි පිට රැට්ටන්ට ගැති වෙන්න ඕනි කියලා. ඒත් ඔවුන් ඉදිරියේ වත් අපේ දක්ෂයන්ට තැනක් ලැබෙන එක ගොඩක් වටිනවා. මොකද මේක ලංකාවේ උනානම් නිකම්ම නිකම් පරීක්ෂණ වාර්තාවක් වවිතරක් වෙන්න තිබුණා.

      Delete
Previous Post Next Post

Recent Post

Features