මෑතකදී නිකුත්කල WatsApp අලුත් සංස්කරණය සමග communities tab නම් අලුත් විශේෂාංඟයක් නිකුත් කරණු ලැබුවා. මේ අලුත් විශේෂාංඟයෙන් ගෲප් කිහිපයක් එකිනෙක හා සම්බන්ධ කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා.
Community විශේෂාංඟය හරියට Facebook group එකක් වැනිය. එහෙත් Facebook group එකක තිබෙන ගිණුම් වල අනන්‍යතාව නිශ්චිතවම අඳුනා ගැනීමට නොහැකි නමුත් WhatsApp ගිණුමක් දුරකථන අංකය සමග තිබෙන නිසා සිටින සියලුම දෙනා හට අනන්‍යතාවක් තිබේ. සමාජිකයන් විශාල ප්‍රමාණයක් සිටින අවස්ථාවලදී දුරකථන අංක සැඟවීමටත් group වල සිටින අය අතුරින් community admin හා සංවාද ගොඩ නැගිය හැකි අය තෝරාගෙන ඒ අයට පමණක් කතා කිරීමේ හැකියාවද මෙයට ඇතුලත්. තවද Facebook group මෙන් නොව මෙම WhatsApp communities බාහිර ලෝකයෙන් සැඟවී ඇති අතර admin විසින් එවනු ලබන link එකක් හරහා පමණක් සම්බන්ධ විය හැකිය.WhatsApp හි භාවිතා වන end-to-end encryption දත්ත ආරක්ෂාව මෙම අලුත් විශේෂාංඟයට ද ඇතුලත්. එසේම අලුත් සංස්කරණයේ එකවර 32 කුට encrypted වීඩියෝ කෝල් ගැනීමේ හැකියාවත්, Polls පැවැත්වීමේ හැකියාවත් ලබා දීමට නියමිතය. මීට අමතරව group එකක සිටින සාමාජිකයින් ගණන 1024 දක්වා වැඩි කිරීමටත් කටයුතු කර ඇත.
එකවර 32කුට කෝල් ගන්න වැඩේනම් පංකාදුවැඩක්
ReplyDeleteඔව් ඒක නම් සුපිරි තමයි
Delete